Gossips

ඉරාන තෙල් මිලදී ගැනීමට නව ගැනුම්කරුවන්

ඇමරිකානු සම්බාධක ක්‍රිියාත්මක වුවද තම තෙල් නිෂ්පාදන මිලදීගැනීම සඳහා නව ගැනුම්කරුවන් අපේක්ෂා කරන බව ඉරානය පවසනවා.
ඉරානය සහ ලෝක බලවතුන් අතර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත්වීමෙන් අනතුරුවයි අදාළ සම්බාධක දැඩි කරනු ලැබූයේ.
කෙසේ නමුත් චීනය, ඉන්දියාව, ජපානය ඇතුලූ රටවල් 8 කට ඉරාන තෙල් සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට ඇමරිකාව අවසර ලබාදුන්නා.
එම රටවල් සියල්ල එලෙස ඉරාන තෙල් මිලදී ගනු ලබනවා.
කෙසේ නමුත් ලෝක වෙළඳපොලේ පවතින තරඟකාරීත්වය හේතුවෙන් සම්බාධක නොතකා නව ගැනුම්කරුවන් පැමිණීම වැළැක්විය නොහැකි බවයි ඉරාන තෙල් පිළිබඳ නියෝජ්‍ය වෙළඳ හා ජාත්‍යන්තර කටයුතු අමාත්‍ය හුසේන් සමානිනියා ප්‍රකාශ කළේ.