ඉරාන ජනාධිපති හසාන් රව්හානි තුන්දින නිල චාරිකාවක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර, රාෂ්ට්‍රපති භවන් හිදී ඔහු අද(17) පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද් විසින්.
ඉරාන නායකයා මෙලෙස ඉන්දියාවට පැමිණියේ කලාපීය ප්‍රතිවාදියා වන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට සංචාරය කර මාසයක් ඇතුළතයි.
ඔවුන් අතර සාකච්ඡාවකදී ඉන්ධන, වීසා ගැටලූ මෙන්ම ඉරාන චබාර් වරාය හරහා ඇෆ්ගනිස්ථානය වෙත ඉන්දීය සැපයුම් යැවීම පිලිබඳව සංවාදයට ලක්වනු ඇති.
චීනය විසින් පාකිස්ථානයේ ගවුදාර් වරාය සංවර්ධනය කිරීමට පිළිතුරක් ලෙස ඉරාන වරාය සංවර්ධනයට සහය වන්නේ ඉන්දියාවයි.
මේ අතර, කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සතියක සංචාරයක් සඳහා අද(17) සන්ධ්‍යාවේ ඉන්දියාවට පැමිණීමට නියමිතයි.
