Gossips

ඉරාන කථානායක අද දිවයිනට

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි අද (18) මෙරටට පැමිණීමට නියමිතයි.
ඒ, වියට්නාමයේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි.
සිය පාර්ලිමේන්තු නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
විශේෂයෙන් සිරියාවට පසුගියදා බටහිර රටවල් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාර මගින් ජාත්‍යන්තර යාන්ත්‍රණයන් නොසලකා හැර ඇති බව ඉරානයේ අදහසයි.
එය අනාගත ගැටුම් වාතාවරණයන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකියි.
මේ හේතුවෙන් වියට්නාම සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ඒ පිළිබඳවද කථානායකවරයාගේ අවධානය යොමු කරනු ඇති බව ඉරාන මෙහර් ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.
මෙරටදී සාකච්ඡා කෙරෙන කරුණු ජාත්‍යන්තර තලයේ සාමය තහවුරු කිරීම සඳහා වැදගත් වනු ඇති බව ඉරානයේ මතයයි.