ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලර්ජානි දින 3 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 7.10 ට පමණ 36 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙලේ ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුලු දුත පිරිසක් ඉරාන කතානායකවරයා සමග දිවයිනට පැමිණි බවයි.
වියට්නාමයේ සංචාරයකින් පසු ඔවුන් ඉරානයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි ඇතුලු පිරිසක් කටුනායකට පැමිණ සිටියා.
සිය සංචාරයේදී ඉරාන කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක, අග්‍රාමාත්‍යවරයා ඇතුලු රාජ්‍ය නායකයන් හමුවීමට නියමිතයි.
ඡායාරූප – කටුනායක ටී කේ ජී කපිල