Gossips

ඉරානය යුද ශක්තිය තර කිරීමට සැරසේ

නව ප්‍රහාරක ජෙට් යානා සහ සබ්මැරීන ඇතුලූ නවීන යුද උපකරණවලින් සිය හමුදා ශක්තිමත් කිරීමට ඉරානය සැළසුම් කරනවා.
එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් අහදි මේ බව ඊයේ ප්‍රකාශ කළා.
එමෙන්ම සිය බැලස්ටික් සහ කෲස් මිසයිලවල ප්‍රහාරක හැකියාව වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
ඉරානය මෙම පියවරට එළඹී ඇත්තේ එරටට එරෙහිව ඇමරිකානු සම්බාධක දැඩි කිරීමට පියවර ගෙන තිබියදියි.
තම රටට එරෙහිව නව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඉරානය ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩුවක්ද ගොනු කළා.