Gossips

ඉරානය දැවැන්ත නාවික අභ්‍යාසයක් අරඹයි

ඉරානය පර්සියානු ගල්ෆ් කලාපයේ දැවැන්ත නාවික අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා.
මැදපෙරදිග ඉන්ධන ප්‍රවාහනයේ වැදගත් නාවුක මාර්ගයක් වැටී ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන බොක්ක ප්‍රදේශයේ මෙම නාවික අභ්‍යාසය ක්‍රියාත්මක වන බව සදහන්.
ඉරානය විසින් මෙවැනි නාවික අභ්‍යාස සාමාන්‍යයෙන් වසර අවසානයේ සිදුකරනු ලැබූව ද, මෙවර එය කලින් අරඹා ඇත්තේ ඇමරිකාව සමඟ පවතින අර්බුදකාරි තත්ත්වය නිසා විය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහසයි.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කිරීමත් සමඟයි දෙරට අතර නව අර්බුදයක් පැන නැගුණේ.