Gossips

ඉරානය, ඇමරිකාව ආසන්නයට යුද නැව් යැවීමට සැරසේ

අත්ලාන්තික් සාගරයේ ඇමරිකාව ආසන්නයට යුද නැව් යැවීමට ඉරානය සැරසෙනවා.
ඉරාන නාවික හමුදාවේ දෙවන අණ දෙන නිළධාරියා වන රියර් අද්මිරාල් තවුරාජ් හසානි ප්‍රකාශ කළේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද නෞකා සැරිසැරීම පිළිබඳ තම රට අවධානය යොමුකරන බවයි.
ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉරාන ධජය ඇමරිකානු මුහුදු තීරය ආසන්නයේ ප්‍රදර්ශනය කළ යුතුබව ඔහු සඳහන් කළා.
ඒ අනුව ඉරානයේ නිෂ්පාදිත, ගුවන් යානා සහ නෞකා නාශක අවි මෙන්ම මිසයිල සහිත, හෙලිකොප්ටර් රැඳවූ, සහාන්ද් යුද නෞකාව ලබන මාර්තුවේ අත්ලාන්තික් සයුරට යැවීමටයි සැළසුම් කර ඇත්තේ.