දකුණු ඉරානයේ රජයේ හමුදා ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළු 27 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉරාන – පාකිස්ථාන දේශසීමාවේ පිහිටි බලූචිස්ථාන් ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.
ජයිෂ් අල් අඩි නැමති නව ත්‍රස්තවාදී සංවිධානයක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මේ වනවිට වාර්තාවී ඇත්තේ.
