Gossips

ඉරානයේ භූ කම්පනයක්

නිරිතදිග ඉරානයේ අද උදෑසන රික්ටර් පරිමාණයේ 5.3 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට ජාතික භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළේ ෂිරාස් නගරයට කිලෝමීටර 160 ක් පමණ වයඹ දෙසින් සිසාකත් නුවරට ආසන්නව මෙම කම්පනය සිදුව ඇති බවයි.
මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ.
පසුගිය නොවැම්බරයේ බටහිර දිග ඉරානයේ කෙරනන්ෂා ප්‍රාන්තයට බලපෑ රික්ටර් පරිමාණයේ 7.3ක භූකම්පනයෙන් පුද්ගලයන් 622 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉරාක දේශසීමාවේ සිදුවූ එම භූ කම්පනයේදී තවත් දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලැබුවා.