ඊසාන දිග ඉරානයේ මාෂාඩ් නගරයේ බොයිලේරුවක් පිපිරී පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 3 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමෙන් තවත් නිවාස 15 කට හානි සිදුව තිබෙනවා.
