Gossips

ඉරානයේ ජල ගැලීම් වලින් 76 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය මාර්තු 19 වනදා සිට ඉරානයේ ඇති වූ ජල ගැලීම් වලින් මියගිය සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජල ගැල්ම ඉරානයේ ප්‍රාන්ත 25 ක ගම්මාන 4400 කට බලපා ඇති අතර, එහිදි සිදුවූ ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 2 යි දශම 2 ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රටේ විශාල ප්‍රමාණයක් ජල ගැල්මට ගොදුරු වී ඇති අතර කිලෝමීටර් 14,000 ක, මහා මාර්ග වලට හානි සිදුවී, පාලම් 725 ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
ඉරාන කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ මෙම ජල ගැලීම් වලට හේතුව ගෝලීය උණුසුම බවයි.
එමෙන්ම, ජල ගැලීම් හේතුවෙන් ඉරානයේ පසුගිය කාලය පුරා පැවති නියඟය අවසන් නොවන බව ද එමගින් අවධාරණය කළා.