Gossips

ඉරානයෙන් බටහිරට චෝදනාවක්

නිරිතදිග ඉරානයේ අහ්වාස් නගරයේ ඊයේ පැවති හමුදා ආචාර පෙළපාලියකට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය බටහිරට සහ ඔවුන්ගේ අනුගාමික ගල්ෆ් රටවලට චෝදනා කළා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිවිල් වැසියන්ද ඒ අතර සිටි බව සඳහන්.
ඉරාන විප්ලවකාරී හමුදා සෙබළුන් ඉලක්ක කරගත් ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු විරෝධී සන්නද්ධ කණ්ඩායමක් සහ අයි.එස්. සංවිධානය වගකීම භාරගෙන තිබෙනවා.
කෙසේ නමුත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කළේ ඇමරිකාවේ රූකඩ ඉරානය තුළ අනාරක්ෂිත භාවයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.
සෞදි අරාබිය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි සන්නද්ධ කණ්ඩායම් පෝෂණය කරන බවට ඉරාන රජය මීට පෙරද චෝදනා කළා.