Gossips

ඉරණවිල දස හැවිරිදි දරුවා ඝාතනයේ සැකකරුට අද ලැබුණු නියෝගය

හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු හලාවත මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් පිරිසක් හලාවත මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වන බවයි.
මුලතිව් – නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී ඊයේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.
පසුගිය 27 වනදා හලාවත – ඉරණවිල – මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ සුසිත් නිර්මාල් නැමති මෙම දරුවාගේ සිරුර සොයා ගත්තා.