Gossips

ඉරණවිල දරුවාගේ ඝාතනයේ සැකකරු අල්ලයි

ඉරණවිලදී සුසිත් නිර්මාල් සිසුවා ඝාතනය කර පලා ගොස් සිටි සැකකරු නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් කෝකිලායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලිසිය වෙත බාර දී තිබෙනවා.
03 වැනිදා අළුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
පසුගිය 25 වැනිදා සුසිත් නිර්මාල් සිසුවාව පැහැර ගෙන ගොස් ලිංගික අතවර කර ඝාතනය කර තිබුණා.
ඉරණවිල ප්‍රදේශයේ කැලෑවක තිබී ඝාතනය කළ දරුවාගේ සිරුර 27 වැනිදා පෙරවරුවේ ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කරන ලද මෙහෙයුමකදී සොයා ගැනීමට හැකි වුණා.
ඉරණවිල ගමට පොල් කැඩීමට නිතර යන එන බව කියන සැකකරුගේ ස්ථීර පදිංචියක් පිළිබදව තොරතුරක් ලැබී නැත.
නමුත් 27 වැනිදා සවස සැකකරු හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවත්,ඔහු මා දැල් වාඩිවල සේවය කර ඇති අයෙකු බවටද පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප පොලීසිය විසින් නාවුක හමුදාව වෙතද ලබා දී ඔහු අත්අඩංගුවට ගැනීම සදහා සහාය ඉල්ලා තිබුණා.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කළ නාවුක හමුදාව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු රැගෙන ඒම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් මුලතිව් බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.