උතුර පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චි – ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු අද පළමු වරට වාන් දොරටු විවෘත කරනු ලැබුවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමෙන් අනතුරුව ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙය උතුර පළාතේ ජනතාව තුළ සංහිදියාව ශක්තිමත් කිරිමේ වැදගත් කාර්යක් බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තව සුළු මොහොතකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රැස්වෙනවා.
