Gossips

ඉරණතිව් දූපතේ මුල් ඉඩම් එහි අයිතිකරුවන්ට ලබාදීමේ තීරණයක්

කිලිනොච්චිය – ඉරණතිව් දූපතේ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට තීරණය වී තිබෙනවා.
ඉරණතිව් දූපතේ මෙම ඉඩම්වල නාවික හමුදාව රැදී සිටි අතර, නාවික හමුදාවට රජය ලබාදී ඇති ඉඩම් හැර අනෙකුත් ඉඩම් මෙලෙස එම පිරිස්වලට ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
නාවික හමුදාපති රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ආර්.සුරේෂ්, කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් ඇතුළු පිරිසක් ඊයේ මෙම දූපතේ සංචාරයක නිරත වූ අතර එහිදියි මෙම තීරණයට පැමිණි බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.