Gossips

ඉමිතියාස් කාදර් රිමාන්ඩ් – සබඳතා පැවැත්වූ පුද්ගලයින් ගැන විමර්ශනයක්

ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අද (19) කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ඉමිතියාස් කාදර් ඊයේ (18) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ උණ්ඩ හමුවීමේ සිද්ධියෙන් අනතුරුවයි.
බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් විශේෂ මෙහෙයුම් සඳහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ මෙලෙස ඔහුගේ නිවසේ තිබී හමුවුණා.
මේ අතර ඉමිතියාස් කාදර් සබඳතා පැවැත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය පවසනවා.