Gossips

ඉම්රාන් ඛාන්, හිටපු අගමැති සහ දියණිය, රටින් පිටවීම වළකයි

දූෂණ චෝදනා මත සිර දඬුවම් නියම වූ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට හෝ ඔහුගේ දියණිය මාරියම්ට පාකිස්තානයෙන් නික්මීමට ඉඩ නොදෙන බව නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.
ඒ සඳහා පාකිස්තාන ආගමන, විගමන අංශවලට දැනුම්දීමක් සිදුකරන බව සිය ප්‍රථම කැබිනට් රැස්වීමට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ.
ලන්ඩනයේ සුඛෝපභෝගී නිවහන් පෙළක් අත්පත් කර ගැනීමට අදාළව දූෂණ චෝදනා මත විශේෂ අධිකරණයක් මගින් නවාස් ශරීෆ්ට 11 වසරක සිර දඩුවම් නියම වූ අතර, ඔහුගේ දියණියට වසර 8ක සිර දඩුවමක් නියම වුණා.
කෙසේ නමුත්, ඔවුන් පාකිස්තානයෙන් පළා යාමට ඉඩ ඇති බවයි නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ. මේ ආකාරයේ දූෂණ, චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් සම්බන්ධයෙන් මංගල කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වී නැහැ.
නඩු විභාගවලට පෙනී සිටීමට නම් තමාට ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව අවශ්‍ය බවයි දැනට ඩුබායි හි රැදී සිටින හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.