Gossips

ඉම්රාන් ඛාන් සෞදි ආයෝජන සමුළුවට

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු රියාද් නුවර ඉදිරි සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජන සමුළුව රටවල් රැසක් වර්ජනය කරද්දී, ඊට සහභාගි වන බව පාකිස්තානය පවසනවා.
පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ සෞදි අරාබිය ජාත්‍යන්තර ව්‍යාපාරික සහ ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස පත් කරලීමේ උත්සාහයට තම සහය හිමි වන බවයි.
පාකිස්තානයේ ආයෝජන සිදුකිරීම සඳහා ආයෝජකයන් සොයා ගැනීමට එය අවස්ථාවක් වනු ඇති බවත් ඔහු සඳහන් කළා.
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඉල්ලා තිබෙනවා.