පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් පෙරළිකාර ජයක් ලැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 11 වන දා දිවුරුම් දෙන බව අද ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු උපුටා දක්වමින් පාකිස්තාන ගුවන් විදුලිය මේ බව ප්‍රකාශ කළේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
65 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය පසුගිය ජුලි 25 වන දා පැවැති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ ද, පැහැදිලි බහුතරයක් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සුළු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
