පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රජයේ මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස ඊයේ තවත් වෙන්දේසියක් සිදුකළා.
එහිදී වෙන්දේසියට තබා තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සිය පෞද්ගලික පරිහරණය සඳහා අගමැති නිවසේ රඳවාගෙන සිටි උසස් වර්ගයේ මීහරකුන් 8 දෙනෙක්.
මෙම මී හරකුන් සියලුදෙනාම අලෙවි වූ අතර, එමගින් පාකිස්ථාන රුපියල් විසිතුන් ලක්ෂයක් උපයා ගැනීමට හැකිවී තිබෙනවා.
එය ඇමරිකානු ඩොලර් 19,000 කට ආසන්න මුදලක්.
ඩොලර් 2500 ක් පමණ මිලකට එම මී හරකෙකු මිලදී ගත් නවාස් ශරීෆ්ගේ අනුගාමිකයෙකු සඳහන් කළේ එය හිටපු අගමැතිවරයාට පරිත්‍යාග කිරීමට සූදානම් බවයි.
නව අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා පාකිස්ථාන අග්‍රාමාත්‍ය නිවසේ තිබූ සුපිරි රථ වාහන පෙළක් ද වෙන්දේසි කළා.
කෙසේ නමුත් ඇතමුන් පවසන්නේ මෙම පියවර නව අගමැතිවරයාගේ සංදර්ශනයක් පමණක් බවයි.
ඔහු අගමැති නිවසේ සිට පාර්ලිමේන්තුව වෙත කිලෝමීටර් 10 කට අඩු දුරක් යාම සඳහා හෙලිකොප්ටර් භාවිතා කිරීම ඇතමුන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා.