තමා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයන් වන කපිල් දේව්, සුනිල් ගවස්කාර් සහ නව්ජෝත් සිං සිධු වෙත ඇරයුම් කළ බව ඉම්රාන් ඛාන් පවසනවා.
සිය තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ජය ගැනීමෙන් අනතුරුව අද (11) දිනයේ දිවුරුම්දීමටයි ඔහු සැලසුම් කර තිබුණේ.
එහෙත් සන්ධානයක් ගොඩ නැගීමේ සාකච්ඡා හේතුවෙන් එම දිනය කල් දැමීමට පියවර ගැනුණා.
ඒ අනුව ලබන 18 වන දා තමා පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
පාකිස්තානයේ ක්‍රිකට් නායකයෙකු වූ ඉම්රාන් ඛාන් සිය ක්‍රීඩා දිවියේ ඉන්දීය සඟයන්ට ආරාධනා කරන බව කලින් ප්‍රකාශ කළ ද ඔහුගේ පක්ෂය එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණා.
