Gossips

ඉම්රාන් ඛාන් මැතිවරණ සටන අරඹයි

පාකිස්ථානයේ මීළඟ මැතිවරණයෙන් තම පක්ෂයේ ජයග්‍රහණය සහතික බව පාකිස්ථාන විපක්ෂ නායකයෙකු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසනවා.
ඒ, හිටපු අගමැති නවාස් ෂරිෆ්ගේ දේශපාලන බලකොටුවක් වූ ලාහෝරයේදී දැවැන්ත ජන රැළියක් අමතමින්.
ඊයේ පැවති එම ජන රැළියේදී ඉම්රාන් ඛාන් සිය පාකිස්ථාන ටෙහරීක් ඊ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ එකොළොස් වැදෑරුම් වැඩපිළිවෙල ඉදිරිපත් කළා.
ලක්ෂයකට අධික පිරිසක් සහභාගිවූ එම රැළියේදී ඉම්රාන් ඛාන් කියා සිටියේ විනාශ මුඛය කරා යන පාකිස්ථානයේ සාධාරණ සමාජයක් ගොඩනැගීම තම අරමුණ බවයි.
ලබන ජූලි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන මැතිවරණයට පෙර හිටපු අගමැති නවාස් ෂරීෆ් ඔහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගතවනු ඇතැයිද ඉම්රාන් ඛාන් අනාවැකියක් පළ කළා.