Gossips

ඉම්රාන් ඛාන්, පාකිස්ථාන නායකයන්ගේ සුපිරි ගුවන් ගමන් නවතයි

පාකිස්ථාන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්ගේ විදෙස් ගුවන් ගමන් සඳහා සුපිරි පංතියේ අසුන් භාවිතය නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් තහනම් කර තිබෙනවා.
ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී එම තීරණයට එළඹුනු බව පාකිස්ථාන තොරතුරු අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි ප්‍රකාශ කළා.
ඒ අනුව, පළමු පංතියේ ගුවන් ගමන් සඳහා රජයේ මුදල් වැය කිරීම පාකිස්ථාන නායකයන්ට මෙන්ම අගවිනිසුරු, කතානායකවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයාට ද තහනම් වනවා.
ඒ සඳහා ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර භාවිත කළ යුතු බවටයි දැනුම්දී ඇත්තේ.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ඇතුළු පාකිස්ථාන නායකයන්ගේ පෞද්ගලික වියදම් කපා හැරීමට ද අගමැති ඉම්රාන් ඛාන් තීරණය කර තිබෙනවා.
පාකිස්ථාන තොරතුරු අමාත්‍යවරයා කියා සිටියේ හිටපු අගමැති නවාස් ෂරීෆ් වසරකදී පාකිස්ථාන රුපියල් බිලියන 51 ක් ඒ සඳහා සිය අභිමතය පරිදි වැය කර ඇති බවයි.