පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයගත් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18) පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා.
ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති පාකිස්ථාන ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය මස පැවති පකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පී.ටි.අයි.පක්ෂය ජයගත්තේ බහුතර ආසන සංඛ්‍යාවක බලය හිමිකර ගනිමින්.
