මෙවර පාකිස්තාන මහමැතිවරණය ජය ගත් තෙහෙරෙක් – ඉ – ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා.
ඔහු ඇතුළු මෙවර මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 329 දෙනෙකු ඊයේ දිවුරුම් දුන් බවයි පාකිස්තාන වාර්තා සඳහන් කළේ.
මෙවර ආරම්භ වන්නේ පාකිස්තාන පාර්ලිමේන්තුව හෙවත් එරට ජාතික සභාවේ 15 වන සැසි වාරයයි.
මන්ත්‍රීවරුන් හිටපු කථානායක අයාස් සාදික් ඉදිරියේ දිවුරුම් දුන් බව සඳහන්.
ඉම්රාන් ඛාන්ට අමතරව පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායක ශබාස් ශරීෆ් සහ පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති සහ බූතෝ පරපුරේ නවතම දේශපාලන නායකයා වන බිල්වාල් බූතෝ ද ඊයේ මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්නා.
