Gossips

ඉම්රාන් ඛාන් පාකිස්තාන නිදහස් දිනට පෙර වගකීම් භාර ගනී

අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය පවසනවා.
කෙසේ වෙතත්, මෙතෙක් ඔවුන් ආණ්ඩුවක් පිහිටුවන ආකාරය පිළිබදව පැහැදිලිව ප්‍රකාශ කර නොමැති අතර ආසන 115ක් ලබා ගත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අවශ්‍ය ඇත්තේ ආසන 12ක් පමණයි.