Gossips

ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාගය ප්‍රතික්ෂේප කරයි

තමා නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තරම් සුදුස්සෙකු නොවන බවත් එය කාශ්මීර අර්බුදය විසදා උප මහද්වීපයේ මානව සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන අයෙකුට පිරිනැමිය යුතු බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.
ඒ, ඔහුට නොබෙල් සාම ත්‍යාගය ලබාදෙන ලෙස අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කර ඇති අයදුමකට ප්‍රතිචාර දක්වමින්.
නොබෙල් සාම ත්‍යාග කමිටුව වෙත යොමු කර ඇති එම අයදුමට ඊයේ වන විට තුන් ලක්ෂයකට අධික පිරිසක් අත්සන් තබා තිබුණා.
සිය ග්‍රහණයට හසුවූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කර ඉන්දු – පාකිස්තාන යුද උණුසුම සමනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු බවයි අදාළ අයදුම මගින් ඉල්ලා තිබුණේ.