Gossips

ඉම්රාන් ඛාන් චීන ජනපති ෂී – ජින්පින් හමුවෙයි

චීනයේ සහ පාකිස්තානයේ අනාගතය පිළිබද නව යුගයක් ආරම්භ කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී – ජින්පින් පවසනවා.
එමෙන්ම පාකිස්තානය සියළු කාලයන් හිදී චීනයේ ක්‍රමෝපාය සහකරුවෙකු බවයි ඔහු කියා සිටියේ.
චීන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ එරට සංචාරයක නිරත වන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවූ අවස්ථාවේදියි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන තම රට වෙනුවෙන් මූල්‍යාධාර ලබා ගැනීමයි.
චීනයේ මහාමාර්ග, වරාය, විදුලිබල සහ කර්මාන්ත උද්‍යාන ආදිය වෙනුවෙන් චීනය මේ වන විට පාකිස්තානයේ ආයෝජනය කර ඇති මුදල ඩොලර් බිලියන 60කට අධිකයි.
ඉන් ඇතැම් මූල්‍යාධාර ජනාධිපති ෂී – ජින්පින්ගේ නව සේද මාර්ග ව්‍යාපෘතිය යටතේ පිරිනැමුණු ඒවායි.