Gossips

ඉම්රාන් ඛාන්ට සන්ධානයක් පිහිටුවීමට සිදුවන ලකුණු

පාකිස්ථාන මහ මැතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයට ආසන 110 ක් හිමිවී තිබෙනවා.
ඒ ආසන 251 ක ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුවයි. නවාස් ශරීෆ්ගේ පාකිස්ථාන මුස්ලිම් ලීගයට ආසන 63 ක් හිමිවී ඇති අතර, බෙනාසිර් භූතෝගේ පුත්‍රයා වන බිල්වාල්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන මහජන පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 42 ක් පමණයි.
ආසන 21 ක ප්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 272 කින් යුත් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 137 ක් ජයග්‍රහණය කළ යුතුයි.
එම ආසන සංඛ්‍යාව නොමැති වුවත්, ඉම්රාන් ඛාන්ට සුළු පක්ෂවල සහයෙන් සන්ධානයක් පිහිටුවීම ගැටලූවක් නොවන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.