ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි පාකිස්ථාන පී.ටී.අයි පක්ෂ නායක ඉම්රාන් ඛාන්ට දාව නීත්‍යානුකූල නොවන දරුවන් 5 දෙනෙකු සිටින බව ඔහුගෙන් වෙන් වූ බිරිඳ රෙහාම් ඛාන් පවසනවා.
ඇය සිය නමින් ලියා ප්‍රකාශයට පත් කළ චරිතාපදානයේ දැක්වෙන්නේ එම ඇතැම් ළමයින්ගේ මව්වරුන් ඉන්දියාවේ සිටින බවයි.
ජනමාධ්යවේදිනියකව සිට පසුකාලීනව ඉම්රාන් ඛාන් සමඟ විවාහ වූ රෙහාම් ඔහු සමඟ ගත කළේ මාස 10 ක විවාහ දිවියක්.
ඇය ජාත්‍යන්තර වශයෙන් නිකුත් කළ චරිතාපදානයට ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් ඇතුළත් කර තිබෙනවා.
කෙසේ නමුත්, එහි අඩංගු ඇතැම් කරුණුවලට එරෙහිව ඉම්රාන් ඛාන් දැනටමත් නඩු මඟට පිවිස ඇති බව සඳහන්.
