Gossips

ඉම්රාන් ඛාන්ට අභියෝග කරන්න විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්

තමා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පාකිස්ථාන දේශපාලනඥයෙකු වන ඉම්රාන් ඛාන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් නොව හිටපු ක්‍රීඩකයන්ට පවා ඒ සඳහා ඇරයුම් නොකෙරෙනු ඇති.
බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් මෙන්ම, හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර් සහ කපිල් දේව්ට ඒ සඳහා ආරාධනා කර ඇති බවයි මීට පෙර ප්‍රකාශ වූයේ.
එහෙත්, සිය සමීප මිතුරන් කිහිපදෙනෙකු ද හැර, ඔවුන්ට ද ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ඇරයුම් කර නොමැති බව පාකිස්ථාන පී.ටී.අයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ අතර, පාකිස්ථාන පාර්ලිමේන්තුවේදී ඉම්රාන් ඛාන්ට අභියෝග කරමින් අගමැති ධුරය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එරට විපක්ෂය තීරණය කර තිබෙනවා.
ආසන 272 කින් යුත් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 116 ක් ජයග්‍රහණය කිරීමට ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂය සමත් වුණා.
එහෙත්, සාමාන්‍ය බහුතරය සඳහා තවත් ආසන 21 ක් අඩු බැවින් ඔහුට ආණ්ඩුවක් පිහිටු වීම සඳහා සුළු පක්ෂවල සහය ලබා ගැනීමට සිදුවනු ඇති.