රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙස ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදුකෙරුණා.
ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිවසේ ආලින්දයේ පැවති මෙම වෙන්දේසිය මගින් ඩොලර් මිලියන 16ක් ඉපයීමට අපේක්ෂා කළ ද උපයා ගැනීමට හැකි වී ඇත්තේ ඩොලර් හයලක්ෂයක් පමණයි.
වාහන 100ක් පමණ වෙන්දේසියට ඉදිරිපත් කළ ද ඩොලර් මිලියන 1.3 බැගින් මිල කෙරුණු මර්සිඩීස් වර්ගයේ වාහන දෙකක් ඇතුළු සුපිරි වාහන රැසක් එහිදී අලෙවි වූයේ නැහැ.
එමෙන්ම හෙලිකොප්ටර් යානා 4ක් ද වෙන්දේසියට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ ද එය මේ මස අගදී සිදුකරන බව පසුව නිවේදනය කෙරුණා.
හිටපු අගමැති නවාස් ශරීෆ් සිය උදර රෝග නිවාරණය සඳහා අගමැති නිවසේ ඇති කළ මී ගවයින් 8 දෙනෙකු ද කලින් ප්‍රකාශ කළ පරිදි ඊයේ වෙන්දේසියට ඉදිරිපත් කර නැහැ.
