ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථා සදහා විදේශීය රාජ්‍ය නායකයන් කිසිවෙකුටත් ආරාධනා කර නොමැති බව ඔහුගේ තෙහෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයෙකු අද සදහන් කළා.
පසුගිය ජූලි 25 වනදා පැවති පාකිස්ථාන මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් ලබන 11 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇතුළු සාර්ක් රටවල රාජ්‍ය නායකයන්ට ආරාධනා කරන බවට මාධ්‍ය වාර්තා පළ වුණා.
කෙසේ නමුත්, ඔහුගේ පක්ෂය අද සදහන් කළේ ඉම්රාන් ඛාන්ගේ සමීපතම මිතුරන් හැර වෙනත් විදේශිකයන් කිසිවෙකුටත් ඒ සදහා ආරාධනා කර නොමැති බවයි.
බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් සහ ඉම්රාන් ඛාන්ගේ සමකාලීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජෝත් සිං සිධුට ඒ සදහා ආරාධනා කර තිබෙනවා.