Gossips

ඉම්රාන් ඛාන්ගේ කැබිනට්ටුවට ඇමතිවරුන් විස්සයි

ක්‍රිකට් නායකත්වයෙන් පාකිස්ථානයේ දේශපාලන නායකත්වය හිමිකරගත් ඉම්රාන් ඛාන් සිය මංගල අමාත්‍ය මණ්ඩලය විස්සකට සීමා කිරිීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 25 වනදා පැවති මහ මැතිවරණයෙන් සිය පාකිස්ථාන තෙහෙරීක් ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
ඉන් අනතුරුව ඔහු විසිදෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් ප්‍රකාශයට පත් කළ බවයි පී.ටී.අයි. පක්ෂයේ ප්‍රකාශක ෆවාඩ් චව්ද්රි ප්‍රකාශ කළේ.
එම අමාත්‍ය මණ්ඩලයේ විසිදෙනා අතුරෙන් පස්දෙනෙකු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයන්.
ඔවුන් හෙට පාකිස්ථාන ජනාධිපති මන්දිරයේදී දිවුරුම්දීමට නියමිතයි.