Gossips

ඉමදූව – බදුන්ගලට තැපෑල වැඩ නැහැ

ඉමදූව – වල්පල වාඩියවත්ත – බදුන්ගල ප්‍රදේශයේ ජනතාව තමන්ට කලක සිට සාමාන්‍ය සහ ලියාපදිංචි තැපෑලෙන් ලිපි නොලැබෙන බවට මැසිවිලි නගනවා.
එම ප්‍රදේශය භාර තැපැල්කරු ඒ අසල වෙළඳසැලක එම ලිපි තබා යන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.
එසේම ලියාපදිංචි තැපෑල මගින් අදාළ පුද්ගලයින්ට එවන ලිපි භාරගත් බවට අත්සන් කළ යුතුව තිබුණද, එම ලිපිවල එවැන්නක්ද සිදුව නොමැති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.