Gossips

ඉමදුව ප්‍රාදේශීය සභාවේ ගැටුමකින් මන්ත්‍රීවරයෙක් රෝහලේ

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභා වාරය අතරවාරයේ අද දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඒ අරුණ මන්ත්‍රීවරයා සභාපතිවරයාගේ අනුරුවක් සහිත පඹයෙකු රැගෙන සභාවට පැමිණීම හේතුවෙන් සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් තබා තිබුනා.
ඉන් අනතුරුව ඇතිවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම සිදුවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී සිදුවු පහරදීමෙන් ඒ අරුණ මන්ත්‍රීවරයා ඉමදුව රෝහලට ඇතුලත් කෙරුනු අතර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.