Gossips

ඉපලෝගම නිවසකින් ගෙළ වැලලා ගෙන මියගිය තරුණ හිමිනමකගේ දේහයක් හමුවෙයි -(ඡායාරූප)

කැකිරාව, ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේ නිවසක වහළයේ එල්ලෙමින් තිබු මියගිය තරුණ හිමිනමකගේ දේහයක් පොලිසිය විසින් අද (16) සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මරදන්කඩවල තෝරුවැව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි 27 හැවිරිදි හිමිනමක බවයි පොලිසිය පැවසුවේ.
අපවත්ව වූ හිමිනම කුඩා කල එම නිවසේ වාසය කර ඇති බවත් ඊයේ (15) එම හිමිනම අදාළ නිවසට පැමිණ ඇති බවත් සිදුකළ මුලික පොලිස් විමර්ශණවලදී අණාවරණය වී තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව දිසා මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන විසින් සිදුකල බවයි අප වාර්තාකරු පැවසුවේ.
දේහය, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අනුරාධපුර මහරෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙම මරණය සිය දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ .
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – කුෂාන් ජයවර්ධන)