Gossips

ඉපලෝගමදී කොටුකරගත් මහ පරිමාණ කුරුළු ජාවාරම (ඡායාරූප)

කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේ රක්ෂිතවල සැරිසරන කුරුළු විශේෂ රංචු පිටින් අල්ලා ජාඇල ප්‍රදේශයේ වෙළඳසලකට අලෙවි කරන මහ පරිමාන ජාවාරමක් කොටුකර ගැනීමට ගනේවල්පොල වනජීවී නිලධාරින් ඊයේ සමත්වී තිබෙනවා.
මෙම වැටලීමේදී එක් සැකකරුවෙකු සහ අලෙවි කිරීමට සුදානම් කල පක්ෂීන් 300 දෙනෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔහු ඉපලෝගම පල්ලේකාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අලෙවි කිරීමට සුදානම් කර තිබු පක්ෂින් අතර මාල ගිරව්, බටුගිරව් හා ගොයම්කුල්ලන් ඇතුලූ පක්ෂින් 300ක් පමණ සිටි බවයි වනජීවි නිලධාරීන් කියා සිටියේ.
ගනේවල්පොල වනසත්ව අඩවියට අයත් පල්ලෙකාගම ගුරුලූපෙත්තාගම ප්‍රදේශයේ නිවසක් පසුපස හිංසාකාරී අයුරින් එම කුරුල්ලන් කුඩා කූඩුවල දමා සිටි බවත් ඇතැම් කුරුල්ලන් එම කූඩු තුලම මිය ගොස් සිටි බවත් වනජීවී නිලධාරීහු පවසන්නේ.
සැකකරුගෙන් කරන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම පක්ෂීන් ජා ඇල ප්‍රදේශයේ සත්ව ව්‍යාපාරිකයින්ට අලෙවි කරන බවයි.
සැකකරු ප්‍රදේශයේ වැව් හා වෙනත් කැලෑබද ප්‍රදේශවලදී විවිධ උපක්‍රම භාවිතකර එම කුරුල්ලන් රංචු වශයෙන් අල්ලාගෙන ඇති බව ද සැකකරු වනජීවි නිලධාරීන්ට පවසා තිබනෙවා.
අත් අඩංගුවට ගත් සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(ඡායාරූප – කැකිරාව කුෂාන් ජයවර්ධන )