Gossips

ඉඳුරුවේ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතන සැකකරුවෙක් ඇතුලු දෙදෙනෙකුට තුවාල

ඉඳුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී 9.15 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.
තුවාල ලැබුවන්ගෙන් එක් අයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මොහොමඩ් ස්මයිල් නැමති අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.
අනෙක් පුද්ගලයා සුලු තුවාල ලබා තිබෙනවා.
ඔහු ඉඳුරුව ප්‍රදේශයේම පදිංචි සමන් පෙරේරා නම් අයෙක් බව සඳහන්.
එම පුද්ගලයා මනුෂ්‍ය ඝාතන නඩු කිහිපයකම සැකකරුවෙකු වන බවයි පොලිසිය කියාසිටියේ.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.
කොස්ගොඩ පොලිසිය විමර්ශණ සිදු කරනවා.