Gossips

ඉනාමළුව රක්ෂිතයේ දැව කැපූ වන සංරක්ෂණ නිලධාරීයෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට

දඹුල්ල – ඉනාමළුව රක්ෂිතයේ තිබූ ගොඩකිරල ගස් තුනක් කපා දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී දැව කඳන් 12ක්, ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
කලක සිට ඔවුන් මෙම ජාවාරමේ නිරතව ඇති අතර, රක්ෂිතයේ ඇති දුර්ලභ ගණයේ ගොඩකිරල ගස් කපා අධික මිලකට අලෙවි කිරීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.