Gossips

ඉන්ෆ්ලුවෙන්සා ගැන දකුණේ විවාදයක්

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් මේ වන විට දකුණු පළාත් සභාවේදී පැවැත්වෙනවා.
රෝගය වැළදීමෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 17ක්ම කුඩා ළමයින් බවයි දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.
දකුණු පළාතේ ඇති එකම ළදරු දැඩිසත්කාර ඒකකය පිහිටි කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකය සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ලැබී නොමැති බවට වාර්තා වනවා.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලදී ඇති බවට හඳුනා ගන්නා දරුවන්ට ප්‍රතිකාර සිදුකිරීම මේ හේතුවෙන් අසීරු වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කංචිත සමරරත්න ප්‍රකාශ කළේ.
දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට පළාත් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කළේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළයි.