Gossips

ඉන්ධන සමඟ බදුත් වැඩිකර ඇතැයි විපක්ෂයෙන් චෝදනා

ඉන්ධන මිල වැඩිකිරීමේදී ආණ්ඩුව රහසිගතව බදු ඉහළ නැංවීමක්ද සිදුකර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා කියා සිටියේ පෙට්‍රල් ලීටරයකින් රුපියලක්ද ඞීසල් ලීටරයකින් රුපියල් දෙකක්ද මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමේදී ආණ්ඩුව බදු අයකරගෙන ඇති බවයි.
මේ තුළින් රටේ ආර්ථික අස්ථාවර භාවය පෙන්නුම් කරන බවද අනුර ප්‍රියදර්ශන යාපා එහිදී පෙන්වා දුන්නා.