Gossips

ඉන්ධන විරෝධතා නිසා පැරිසියේ ගුටි කෙළි

ඉන්ධන බද්ද හේතුවෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා ප්‍රචන්ඩ ස්වරූපයක් ගත්තා.
කහ බැනියම් ව්‍යාපාරය ලෙස ඔවුන් සිදුකරන විරෝධතාවලදී පැරිස් නගර මධ්‍යයේ පිහිටි ෂෝම්ප්ස් – එලීසේ හිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක්ද ඇතිවී තිබෙනවා.
පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර, මුහුණු ආවරණය කරගත් විරෝධතාකරුවන් ගල් මුල්වලින් පොලීසියට පහරදුන් අතර, වාහන සහ ගොඩනැගිලිද ගිනිබත් කර තිබෙනවා.
එහිදී පුද්ගලයන් 110 දෙනෙකු තුවාල ලැබූ අතර, ආරක්ෂක හමුදා සාමාජිකයන් 17 දෙනෙකුද ඊට ඇතුළත්.
පුද්ගලයන් 270 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.