Gossips

ඉන්ධන වර්ග දෙකක මිල ඉහළට

මිල සූත්‍රයට අනුව අද (10) සිට ඉන්ධන වර්ග දෙකක මිල සංශෝධනය කර තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ නැංවූ බවයි.
ඒ අනුව රුපියල් 155කට පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 157 දක්වා ඉහළ නැංවෙනු ඇති.
ඊට අමතරව සුපරි ඩීසල් ලීටරයක් රුපියල් 129 සිට රුපියල් 130 දක්වා ඉහළ නැංවෙනවා.
කෙසේ වෙතත්, ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඞීසල්වල මිලෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් තවදුරටත් රුපියල් 145 කටත්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 118 කටත් අලෙවි කෙරෙනවා.