Gossips

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද පස්වරුවේ රැස්වේ

ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව සෑම මසකම 10 වනදා මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
එහිදී ඉන්ධන මිල යලි වැඩ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.
ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා පත් කළ කමිටුවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු, මහා භාණ්ඩාර නියෝජ්‍ය ලේකම් සහ එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අයත්.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය මස 10 වනදායි.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දැමුණා.