Gossips

ඉන්ධන මිල සූත්‍රය මේ සතියේ කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල සූත්‍රය මේ සතිය තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට එය සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි.
එමෙන්ම, ඉදිරි මාස දෙකක පමණ කාල සීමාව තුළ එය ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, මීළග අදියරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සදහා මෙන්ම, මේ වසර තුළ ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වාදීම සදහා ශ්‍රී ලංකාව සමග එකගතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.
ඉදිරි 6 මාසය සදහා මෙම එකඟතාව ඇති වී තිබෙන අතර, දැනට කැබිනට් අනුමැතිය සදහා යොමුකර ඇති ඉන්ධන මිල සූත්‍රය මීළග ඇගයීමට පෙර ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරනු ඇති බවටයි මූල්‍ය අරමුදල අපේක්ෂා පළ කළේ.
ඒ අනුව, ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාව පිළිබදව 4 වන ඇගයීම සිදුකිරීමට මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව එහි නියෝජිත ප්‍රධානි මැනුවෙලා ගොරේටි කියා සිටියා.
ශ්‍රී ලංකාව අදාළ ප්‍රතිසංස්කරණ සහ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම වැදගත් ඉදිරි පියවරක් ලෙසයි ඇය හැදින්වූයේ.
මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය ජුනි මාසයට පෙර ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.