Gossips

ඉන්ධන මිල සූත්‍රය නිකුත් කරයි

ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා යොදා ගැනෙන සූත්‍රය, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දින කිහිපයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 5 කින් පමණ පහත වැටී ඇති බවයි.
මිල අඩුවීමේ ප්‍රවණතාවය ලබන මස 10 වනදා දක්වා පැවතුනහොත් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළා.
Fuel Pricing Formula: MRP = V1 + V2 + V3 + V4.
V1- Landed Cost (Rs./Litre)
V2- Processing Cost (Rs./litre)
V3- Administrative Cost (Rs./Litre)
V4- Taxation (Rs./Litre)