Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන මේ සතියේ තීන්දුවක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් එකඟත්වයකට පැමිණීමට හැකි වනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ලෝක වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ට ගැලපෙන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශයේ අදහසයි.
මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ එකඟත්වයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද කියා සිටියා.
කෙසේ නමුත්, ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇති වන පාඩුව අවම කිරීමට, බදු අඩු කිරීමක් සහ මිල සංශෝධනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපේක්ෂා කරනවා.
ඒ සම්බන්ධයෙන් සංස්ථාව සහ මුදල් අමාත්‍යාංශය අතර පැවැත්වෙන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ සතිය තුළ ඒ පිළිබද එකඟත්වයකට පැමිණ මිල සූත්‍රය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා.