ඉන්ධන මිල සූත්‍රය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළැඹෙන සිකුරාදා මාධ්‍ය වෙත ලබා දෙනු ඇතැයි නියෝජ්‍ය ආමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්‍රකාශ කළා.
ඒ අද පස්වරු 4ට ඉන්ධන මිල සූත්‍රය තමා විසින් ලබා දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යව්දීන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී.
ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත ලබා දිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.
ඒ සඳහා පස්වරුවේ තම අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නා.
